Owen Jones - මළවුන්ගේ මධ්‍යස්ථානය стр 8.

Книгу можно купить на ЛитРес.
Всего за 523.26 руб. Купить полную версию
Шрифт
Фон

ඔවුන් හතර දෙනාම මැදියම් රැයේ තනි තනිව නින්දට ගිය අතර රොන් පවා හොඳින් නිදාගත්තේය.

ඊළඟ දිනයේ නින්දෙන් අවදි වූ විට මිනිසුන් හතර දෙනාම යම් හිසරදයකින් පෙළුන බව පැවසීම සාධාරණ නමුත්, එය පැරසිටමෝල් පෙති මගින් සුව නොකල හැකි දෙයක් නොවීය. උදෑසන ආහාරය හතට වූ අතර සැලැස්ම පිළිබඳ අවසන් විස්තරය ඉන්පසුව දීමට නියමිතව තිබුණි. ජෙනරෝගේ සහභාගිත්වයෙන් තොරව.

ප්‍රථම වරට, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සවි කර එහි ක්‍රියාකාරිත්වය ඔහුට පෙන්නුම් කර දුන් අතර ඔහු එයින් සතුටට පත් වූයේ එහි බලවත් බලය නිසා ඔහුගේ බිය නැතිවී ගිය බැවිනි. මරාගෙන මැරෙන ජැකට් විශාල හා දැඩි යැයි ඔහු සිතූ නමුත්, මෙය එසේ නොවීය.

රොන්ට ඇඳුම් කට්ටලය පෙන්වමින් බොබ් පැහැදිලි කළේය.

හැම ජැකට් එකක්ම විශේෂ විදිහට හදන්නේ ප්‍රමාණය ගැන බලලා නෙමෙයි, අරමුණක් වෙනුවෙන් නිසා ඒ හැම එකක්ම තරමක් වෙනස්. සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් උපරිම වශයෙන් 360° ප්‍රදේශයකට හානි වෙන්න, පුපුරණ ද්‍රව්‍ය ශරීරය වටේම බැඳගෙන ඉන්නවා. කොහොම උනත්, අපි උත්සහා කරන්නේ ඔයාගේ පිපිරුම ඉස්සරහට හානි වෙන විදිහට අරගන්නයි. එතකොට ඔයා ඇත්තම කාල තුවක්කුවක කට වගෙයි. ඔයාගේ පපුව ඉස්සරහා තියන ඕනෙම එකකට පිපිරීමෙන් වැඩි බලයක් දැනෙනවා.

ඒක එහෙම වෙනකොට, ඔයාගේ පිටිපස්සේ තියන දේවලුත් හානි වෙනවා, මොකද ඔයාගේ ශරීරයේ උඩ කොටස ක්ෂණිකයෙන් වෙන්වෙලා යන නිසා, ඒ වගේම පොරොන්දු වෙච්ච විදිහටම ඔයාට ක්‍ෂණික මරණයක් ලැබෙනවා.

"ඔයාට කිසිම දෙයක් දැනෙන එකක් නැහැ.

"ඔයාගේ සයිස් එකට මේක හරිද කියලා උත්සාහ කරලා බලන්න, නමුත් මීට ඉස්සර අපිට කිසිම ගැටළුවක් වෙලා නැහැ.

"මගේ ෂර්ට් එකට උඩින්?"

ඔව්, ඔයා කබායක් අඳිනවා වගේ ඔයාගේ ෂර්ට් එකට උඩින් ඒක අඳින්න. ඔයාට පේනවා ඇති, ඒක හරියට ජෑස් සංගීතඥයෙක් සාමාන්‍යයෙන් අඳින එකක් වගේ පෙන්නේ - ඒක ඒවගේ විලාසිතාවක් ඇරෙන්න, වෙන දෙයල් කියලා හිතන්න බාහිර ලකුණු මුකුත් නැහැ. පුපුරන ද්‍රව්‍ය ලයිනිං එකට තියලා මහලා තියනවා. මෙතනයි, මෙතනයි ටිකක් වැඩියෙන් පැක් කරලා තියෙන්නේ, ඔයාට පොඩි බඩකුයි, මිනිස් පියයුරුයි ලබා දෙන්නයි. ඔයා ස්ටෝන් දෙකක් විතර බර වැඩියි වගේ පෙනෙයි, නමුත් මේ දවස් වල ඒක සාමාන්‍ය දෙයක් විදිහට පෙනෙයි.

කොහොම හරි, මේක පුපුරුවා ගන්න ස්විච් එක අතේ තියාගන්න එකක් නෙමෙයි. මොකද එතන ඉන්න ආරක්‍ෂක නිලධාරින් හොඳට පුහුණුව ලබපු අය. එයාලා ඒවා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා, ඒ වගේම සාක්කුවේ අත දාගෙන ඉන්න අය ගැනත් හොඳට විමසිලිමත් වෙනවා. කබායේ තියන උඩ බොත්තම එබුවම තමයි, අපේ ඒවා ක්‍රියාත්මක වෙන්න හදලා තියෙන්නේ. ඒකෙන් විදුලි පරිපථය සම්පූර්ණ වෙලා, ඩෙටනේටරය ක්‍රියාත්මක වෙලා පුපුරලා යනවා. බය වෙන්න එපා. ඒ සියල්ලටම නැනෝ තත්පර කිහිපයකටත් අඩු කාලයක් තමයි ගත වෙන්නේ. ඒ නිසා ඔයාට ඩෙටනේටර් වෙනවා දැනෙන්නෙත් නැහැ.

මුළු උපාංගයම බල ගැන්වෙන්නේ වෝල්ට් නවයේ PP9 බැටරියකින්. ඒක කබායේ, උඩම සාක්කුවේ තමයි තියෙන්නේ. මෙතන තමයි තැන.

ඒක ඇතුලට දැම්මට පස්සේ, ආයේ අයින් කරන්න බැහැ. ගන්න උත්සහා කරොත් එහෙම ඒක පුපුරලා යනවා. මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කරන්න උපකාර වන තවත් අධි තාක්‍ෂණ විශේෂාංග එකක් හෝ දෙකක් තියනවා. නමුත් ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න මට අවසර නැහැ. කොහොම උනත්, මම කියන්න ඕනේ එක දෙයක් තියනවා. මේ ජැකට් එක සන්නද්ධ කරාට පස්සේ, ඔයාට ජීවත් වෙන්න බැහැ. අවසාන මොහොතේ ඔයාගේ අදහස වෙනස් කරන එක වලක්වන්න කරපු දෙයක් ඒක.

මම මේ බැටරිය මේ සාක්කුවේ තියෙන රඳවනයට ඇතුළු කරපු ගමන්ම ඒකෙන් ඔයාගේ ඉරණම මුද්‍රා වෙනවා කියලා කියන එක ප්‍රමාණවත්. මොනවා වුනත්, ඔයාගේ ඉරණම මේ වන විටත් දෙවියන් වහන්සේ විසින් මුද්‍රා කරලයි තියෙන්නේ. මම කලින් ඔයාට කිව්ව විදිහට, ආපසු හැරෙන්න බැරි මොහොත තමයි ඔයාගේ මෙහෙයුම ඔයාට හෙළිදරව් කරණ මොහොත. ඒක දැන් ඔයා පහුකරලා තියෙන්නේ, ඒක නිසා දැන් ඔයා, සමහර අය කියනවා වගේ ඇවිදින මළමිනියක්.

ඔයාට පුළුවන් තරම්, කාර් එකට ලං වෙන එක අත්‍යවශ්‍යයි. වඩාත් හොඳයි ඔයාට විවෘත වෙලා තියන ජනේලයක් කිට්ටුවට යන්න පුලුවන්නම්. මොකද කාර් එක සන්නද්ධ කරලා වෙඩි වදින්නේ නැති වීදුරු හයි කරලා තියන නිසා. එතන ඉන්න ආරක්‍ෂක නිලධාරියාට යම් අවසර පත්‍රයක් කාර් එකේ රියදුරා පෙන්නන්න වෙනවා. ප්‍රහාරයට හොඳම වෙලාව මේක තමයි. අපි වෙනත් ක්‍රමත් අත්හදා බැලුවා, නමුත් ඒවා සාර්ථක වුනේ නැහැ. ඔයා තමයි අපේ අවසාන බලාපොරොත්තුව.

"මට කියන්න පුළුවන්ද 'එයා' කවුද කියලා?"

"ඒක මම නොකළ යුතු දෙයක්," ගරෙග් කීවේය. නමුත් කියන එකේ හානියකුත් මට පෙන්නේ නැහැ. එයා නේටෝ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙක්, ප්‍රංශ ජාතිකයෙක්. එයා චීනයට ටිකක් ආවඩනවා. එයාගේ දැනුම චීන අයගේ අතට පත්වෙන්න අපිට ඉඩ දෙන්න බැරි හින්දා අපිට එයාව නැති කරන්න වෙනවා.

"මට තේරෙනේවා. ඉතිං මේක හරිම වැදගත් නේද? ඒ දේ මාත් එක්ක බෙදා ගත්තට ස්තුතියි. ඔයා දන්නවනේ, අහල පහල අයට හානියක් සිද්ධ වුනොත්, ඒක හෘද සාක්‍ෂියටත් ගොඩක් පහසු වෙයි.

ඔව්, ඔයාගේ කනස්සල්ල අපිට තේරෙනවා, නමුත් ඔයා මෙන්න මේ වෙලාවේ පහර දුන්නොත්, ඒ කියන්නේ වාහනය ගේට්ටුවේ බාධකයට ළං වන කොට, රියදුරුරෑට එයාගේ පාස් එක පෙන්නන්න ජනේලය පහත් කරණ වෙලාවේ, එතකොට පිටිපස්සේ ඉන්නේ ආරක්ෂක භටයන් දෙන්නෙකුයි, දෙපැත්තේ තියෙන්නේ ගඩොල් බිත්ති විතරයි. කොහොම හරි ඔයාට පුළුවන් වෙනවා පලායන ජෙනරාල්වරයාවයි එයාගේ සහායකයනුයි මරා දාන්න, සමහරවිට ආරක්ෂක භටයින් දෙන්නා මැරෙන්නත් පුළුවන්, තුවාල වෙලා බේරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අහල පහල අය දෙන්නයි මැරෙන්නේ. ඒක කනගාටුවට කරුණක් තමයි, නමුත් පිළිගන්න පුළුවන් ගානක්.

ඔයා එකඟ වෙනවද, රොන්, යුද්ධ කාලේදී දාන රොකට් වලටයි, බෝම්බ වලටයි ගොඩාක් අහිංසක සිවිල් පුරවැසියන් මැරුනා නේද? ඔයා නිසා මැරෙන්නේ දෙන්නෙක්. නමුත් ඒකත් අපිට නිශ්චිත නැහැ තාම.

ඔයා ඔයාගේ බිරිඳට ලියුම ලියලද තියෙන්නේ?"

"ඔව්, මෙන්න."

"හොඳයි. මේක එයාට ලැබෙයි. මම පොරොන්දු වෙනවා, බොබ් පොරොන්දුව දෙන ආකාරයෙන් ඔහුගේ හදවතට අත තබා එය ස්ථිර කළේය.

නවය වන විට ජෙනාරෝගේ රියදුරෙක් ගරෙග්, බොබ් සහ රොන්ව, සිද්ධිය සිදුවීමට නියමිත ස්ථානයට යාර සියයකට නුදුරු ස්ථානයකට රැගෙන ගියේය.

"රොන්, ඔයාට කොහොමද දැනෙන්නේ?" බොබ් ඇසීය.

විශිෂ්ටයි, නමුත් ඔක්කොම හරි. මම සාමාන්‍යයෙන් ලොකු කබායි, මේ වගේ දිග බොරු කොන්ඩෙයි අඳින්නේ නැහැ.

නැහැ, සමහර විට කොහෙත්ම නැහැ, නමුත් මගේ වචන විශ්වාස කරන්න. ඒක අදාළ නැති දෙයක් වගේ කැපිලා පේන්නේ නැහැ, ඒක ඇත්ත වශයෙන්ම ඔයාට ගැලපෙනවා. කොහොම වුනත්, කනේ තියන සන්නිවේදකය වැහෙන්න ඔයාට බොරු කොණ්ඩයක් ඕනේ.

"මේක ගන්න රොන්" බොබ් රොන්ගේ කලිසම් සාක්කුවකට යමක් දමමින් කීවේය.

"ඒක මොකක්ද?"

පොඩි පිස්තෝලයක්. මොනා වෙයිද දන්නේ නැහැනේ. ඒ වගේම මේකත් ගන්න."

"ඒක මොකක්ද?

"අපි කියමුද, ඒක ඔයාගේ අධිෂ්ඨානය ශක්තිමත් කරන ඹෞෂධ සංයෝගයක් කියලා."

ඒන්ජල් ඩස්ට් වගේද? හැත්තෑව දශකයයේ වියට්නාමයට පස්සේ නම් මම ඒ වගේ කිසිම දෙයක් අරන් නැහැ.

ඒක ඒන්ජල් ඩස්ට් නෙමෙයි. නමුත් ඒ හා සමාන බලපෑමක් ඇති කරන දෙයක්. ඒක ඔයාගේ ස්නායු සමනය කරලා, දහඩිය දාන එකයි, ස්පන්දනයයි අඩු කරලා බය නැති කරනවා.

"ඒක විහිළුවක්, නමුත් මම බය නැහැ."

ඔවුන් කාරයෙන් බැස ගත් අතර, එය නැවත පිටත් විය.

"හරි, රොන්, ඔයා හොඳ පෙනුමකින් ඉන්නවා, බොබ් පැවසීය. ඔයාගේ සාක්කුවේ තියෙන දේ අමතක කරන්න එපා. ඒ උනාට ඔයාගේ සාක්කුවේ අත දාගෙන එයාලා ගාවට ළං වෙන්න එපා. ජෙනරාල්ගේ මිනිස්සු හරි දක්ෂයි, එයාලා ඒ ගැන සැක සහිත වෙන්න පුළුවන්. එයාලා ගාවට ගිහින්, වෙලාව අහනවා වගේ මොනවා හරි අහන්න.

මට දැන් යන්න වෙනවා රොන්, නමුත් ගරෙග්, එයාලගේ කාර් එක තියෙන තැන ගැන ඔයාට දැනුම් දෙනවා. ඒ නිසා එයාගේ හඬට අවධානය යොමු කරන්න, නමුත් ආපසු කතා කරන්න උත්සාහ කරන්න එපා. ඔයාට බැහැ කතා කරන්න, මොකද මයික් එකක් නැති නිසා. අනික ඔයා ගාව කිසිම කෙනෙක් නැතුව ඔයා තනියම කතා කරනවා කියලා එයාලා දැක්කොත්, ඒකේ සැක සහිත බව එයාලට වැටහෙනවා. ආයුබෝවන්, රොන්, ඔයාව දැන ගැනීම සතුටක්.

"යන්න, උන්ව අරගන්න. දෙවියන් එක්ක යන්න, සහෝදරයා!" ගරෙග් පැවසීය.

ඔවුන් රොන් හට අතට අත දුන් අතර ඔහුගේ දෑසේ කඳුලු බිඳුවක් දිස් විය.

බොබ් PP9 බැටරිය රොන්ගේ ඉහළ සාක්කුවේ ඇති පසුම්බිය තුළට තල්ලු කළේය.

රොන් ඔහුගේ දෑස් දෙස බැලූ අතර නිසැකවම ඔහු දැන් මියගිය අයෙකු බව දැන සිටියේය. ගරෙග් ඔහුගේ උරහිසට තට්ටු කළ අතර ඔවුන් හැරි ඔහුගෙන් වෙන්ව ගියහ.

යාර පනහක් ගියපසු, බොබ් ඔහුගේ උරහිස මතින් පිටුපස බැලීය.

එයා පාර පනිනවා. පාරේ මැද කොටසට වෙලා ඉන්නවා, රථවාහන ගමනාගමනය අඩු වෙනකන්. සැලැස්මට අනුව ඔක්කොම වෙනවා. මෙතනින් සර්,"

මේසය අසල සිටි මහලු කාන්තාව වෙත බොබ් හිස වැනුවාය, 'බොන්ජෝර්, මැඩම්' යනුවෙන් ඔහු පැවසූ අතර, ඔවුන් දෙදෙනාම එකවර පඩි දෙක බැගින් නගිමින් උඩට ගියෝය. පෙර දින ඔහු කුලියට ගත් කාමරයට ගිය පසු ඔහු දොර අගුළු දමා, ඇඳ යට තිබූ පෙට්ටිය ඉවතට ගත් අතර ගරේග් ඒ අතර තුර ජනේලය විවෘත කළේය. බොබ් L115A3 ස්නයිපර් රයිෆලය තත්පර කිහිපයකින් එකලස් කර පෙර දින ඔහු එහි තබා තිබු මේසය මත එහි ත්‍රිපාදකයෙන් රැඳවීය. එය ඇත්තෙන්ම ඉතා හොඳින්, කාමරයේ සෙවනැල්ල ඇතුලත විය.

ඔහු රොන් දෙස බැලුවේ රයිෆලයේ දසුන් තුළින් ය. රොන් දැන් ස්ථාන ගතවෙලා ඉන්නේ, ගරෙග්. මං හිතන්නේ අපි එක්ක සම්බන්ධ වෙන්න බලාගෙන. යාර එකසීය පනහක් පමණ දුරින්, ගරෙග්ට ඔහුව පැහැදිලිව දැක ගත හැකි විය. ඔහු වාහන ගමනාගමනය පරීක්‍ෂා කර, හරි, රොන්, ඔයා හොඳින් ඉන්නවා. වාහන නවත්වන තැනේ ගේට්ටුව දිහාවට ඇවිදගෙන ගිහින් යාර පනහක් ගමනාගමනයට විරුද්ධ පැත්තට ඇවිදගෙන යන්න.

රොන් ගේට්ටුවෙන් පිටත නතර වී වටපිට බැලූ අතර පසුව ඉදිරියට ගියේය.

ඒක තමයි, රොන්, ලස්සනටයි පහසුවෙනුයි, හිමීට ඒක කරමු. වැඩි දුර යන්න එපා, මොකද ඉලක්කය අනෙක් දිශාවෙන් ආවොත් ඔයා ස්ථානයෙන් පිට ඉඳියි. අන්න හරි. ඔතන ඉන්න. ගෘහ නිර්මාණ ශිල්පය අගය කරනවා වගේ, ඒවා බල බල එතන පොඩ්ඩක් නතර වෙලා ඉන්න. මම හිතන්නේ ඉලක්කය ළඟා වෙනවා මට පේනවා කියලයි. ඔයා ඉන්නේ නියම තැනයි ... පදික වේදිකාවේ පොඩ්ඩක් ඇතුළට ගිහින්, ආයෙත් රථගාල දිහාවට ඇවිදින්න ... හිමින්. හැරෙන්න එපා, මම ඔයාගේ ඇස් දෙක වෙන්නම්.

ඉලක්කය ඔයාට යාර විසිපහක් පිටිපස්සෙන් ඉන්නේ, දැන් හිමින් හිමින් ළං වෙනවා, ටිකක් වේගයෙන් යාර පහළොවක දුර යන්න ... ඒක දැන් ඔයාට ඉතා ළඟයි. හරි, ඔයාව පහුකරලා යන්න ඒකට ඉඩ දෙන්න, ඒක පදික වේදිකාව හරහා ගිහින් ආරක්ෂකයා ඒක ගාවට එනකොට ඔයාට යාර පහක් විතර ඉස්සරහින් ඒක තියෙන්න ඕනේ. අන්න ඒක එතෙන්ට යනවා

"ඒක ඔයා හරහා දාපු එකට ඔයාට තරහා ගියා වගේ කේන්තියෙන් බලන්න, අන්න ජනේලය පහත් වෙනවා, දැන් ඉස්සරහට යන්න රියදුරුට කතා කරන්න, දැන්!"

මහා විශාල පිපිරීමක් සිදු වූ අතර, මෝටර් රථය ගින්නෙන් පිරී යන අයුරු ඔවුන් බලා සිටි අතර, එය ඔවුන්ගෙන් ඉවතට වීදිය දිගේ පෙරළී යාමට පෙර එහි පෙට්‍රල් ටැංකියද පුපුරා ගියේය.

"හොඳයි, ඒක බලාපොරොත්තු වුනා වගේම හොඳින් සිද්ධ වුනා," ගරෙග් ජනේලය වසා දැමූ නමුත් සම්පූර්ණයෙන්ම වසා නොදැමුවේය. "එන්න, බොබ්, අපි මෙතැනින් යං. රයිෆලය නැවත ඇඳ යට තියන්න, ජෙනාරෝගේ මිනිස්සු පස්සේ එක අරගනියි.

බොබ් කාමරයේ දොර විවෘත කළ අතර ඔවුන් ඉක්මනින් පහළ මාලයට පැමිණියහ. මහලු කාන්තාව ඇගේ ස්ථානයේ නොසිටියාය. ඇය සහ ඒ අවට අනෙක් සියල්ලන්ම වීදියේ සිටියේ මොන මගුලක් සිදුවුනා දැයි විපරම් කරමිනි. යාර තුන්සියයක් ඈතින් නවතා තිබූ ජෙනාරෝගේ කාර් රථයක් වෙත යාම ගැරෙග්ට සහ බොබ්ට පහසු කටයුත්තක් විය. ඔවුන් එයට ගොඩ වූ වහාම රථය සාමාන්‍ය වේගයෙන් පිටත් විය.

කිසිවෙකු හෝ තමන් පසුපස එන්නේ දැයි සොයා බැලීමට ඔවුහු නගරයේ කෙටි සංචාරයක් කළ අතර පසුව ජෙනාරෝගේ නිවෙස වෙත ආපසු ගියහ.

ජෙනාරෝ ඉස්තෝප්පුවේ, අයිස් මත ෂැම්පේන් සහ ග්‍රිල් කළ පොකිරිස්සන්, බාබකියු කළ ඉස්සන් සහ සලාද සමඟ ඔවුන් එනතුරු බලා සිටියේය.

මහත්වරුනි, ඉතා සාර්ථක මෙහෙයුමක් විශිෂ්ට විදිහට සිදු කරපු එක ගැන මම ඔයාලට සුබ පතනවා. සීසීටීවී වලින් පිපිරුම සිද්ධ වෙනකන් හැම දෙයක්ම මම දැක්කා, නමුත් දේශීය රූපවාහිනියෙයි ගුවන් විදුලියෙයි මට අහන්න ලැබුනේ, දිවි ගලවා ගත්තු කවුරුත් නැහැ කියලයි.

කාර් එකේ පස් දෙනෙක් ඉඳලා තියනවා, ඔයාගේ මිනිහා, රොන් සහ ආරක්ෂක නිලධාරියෙක් මැරිලා. අනිත් ආරක්ෂක නිලධාරියා පොඩි තුවාල ලබලා තියනවා, ඒ වගේම කාරෙක ළඟ හිටපු දුසිමකට කිට්ටු පිරිසකටත් තුවාල වෙලා තියනවා. මොකද, ඒක පාරට පෙරලිලා ගිහින්, ආයෙත් පිපිරිච්ච නිසා.

"මේ දේ සංවිධානය කරා කියලා එයාලා මාව සැක කරයි කියලා මට කිසිම සැකයක් නැහැ, නමුත් මගේ ඇඟේ ඇනෙන ඒ කටුවෙන් මම සදහටම නිදහස් වුනා. නමුත් ඒකට මාව සම්බන්ධ කරන කිසිම සාක්ෂියක් නැහැ. කොහොම උනත්, ඒ පාලම තරණය කරන්න ඕනේ උනොත්, මම ඒකත් කරනවා.

"කන්න, බොන්න, සතුටින් ඉන්න මහත්වරුනි."

ඔවුන් වීදුරු එකිනෙක වද්දා, බීම එකවිට පානය කළහ.

"ජෙනාරෝ, ඔයා අපේ වැඩ ගැන තෘප්තිමත් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා," ගරෙග් පැවසීය. "අපි අද රෑ සාදයක් පවත්වමු, ඔයාගේ ඊළඟ වැඩේ පටන් ගන්න, හෙටම ගෙදරට පියාසර කරන්න ඕනේ.

Ваша оценка очень важна

0

Дальше читают

Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3