Owen Jones - මළවුන්ගේ මධ්‍යස්ථානය стр 7.

Книгу можно купить на ЛитРес.
Всего за 523.26 руб. Купить полную версию
Шрифт
Фон

"අනේ, මට සමාවෙන්න, බොන්න. සීතල මොනවා හරි."

"ෂැම්පේන්, බියර්, කොක්ටේල්, ස්කොච්, වතුර, ලෙමනේඩ්, පළතුරු යුෂ, ඔයා ඕනේ දේ කියන්න."

උදව්වක් ඉල්ලීමට මෙන් රොන් ගැරෙග් දෙස බැලුවේය.

"ඔයා කැමති ඕනෙම දෙයක් ගන්න, රොන්, ජෙනාරෝ ලෑස්තියි ඕනේ දේකට."

එහෙනම්, ෂැම්පේන්, කරුණාකරලා, ජෙනාරෝ, මගේ එදිනෙදා ජීවිතයේ මට ඒක ලැබෙන්නේ නැති දෙයක් ... ඇත්ත වශයෙන් එක අවුරුද්දක ඉඳලා ඊළඟ අවුරුද්ද වෙනකන්.

ජෝර්ජ් නමැති ප්‍රධාන සේවකයා, දිගු කඳක් සහිත උස, පටු ෂැම්පේන් වීදුරු සහිත තැටියක් රැගෙන ආවේය.

"අපි තුන්දෙනාට - සුභ දවස්!" ජෙනාරෝ සව්දිය පිරු අතර, රොන් කලබල වී ඇති බව දුටු ඔහු, වීදුරුව එක හුස්මට බී, එය තැටිය මත තබා තවත් එකක් ගත්තේය.

"සුභ දවස්!" අනෙක් දෙදෙනා පුනරුච්චාරණය කරමින් ඔවුන්ගේ ධාරකයා කලාක් මෙන් එක හුස්මට බී නැවත වරක් වීදුරුව බැගින් ගත්හ.

"කරුණාකරලා, වාඩි වෙලා, ඔයාව සුවපහසු කර ගන්න, එහෙම නැත්තම්, පිටිපස්සට ගිහින් නාන තටාකය කිට්ටුව වාඩි වෙන්න ඔයා කැමතිද?"

"තටාකය ගාවනම් හොඳ අදහසක් තමයි," ගරෙග් පැවසූ අතර සමහර වෙලාවට ඔයාගේ රුවැත්තියන් කීප දෙනෙකුට අපි වෙනුවෙන් ඉර එලිය තපින්න ලෑස්ති කරානම්, හොඳයි. ඇහැ පිනවන්න, ඔයා දන්නවනේ.

විශිෂ්ට අදහසක්. ජෝර්ජ්!."

"සර්."

ගොල්ෆ් කරත්තය ඔවුන්ව පිටුපසට ගෙන ගියේ, මනරම් ගැහැණු ළමයින් හය දෙනෙක් පැමිණෙමින් සිටියදීය. ඔවුන් තම උඩු ඇඳුම් ගලවා තටාකය වටා හිරු එලිය තැපීම සඳහා සුදානම් කර තිබූ බංකු මත අසුන් ගත්හ. රොන් විස්මයට පත් විය.

මේ මගේ සමහර මිතුරියෝ, එයාලා මෙහෙ නැවතිලා ඉන්නවා. දකුණු දිග ප්‍රංශයේ උඩුකය නිරුවත් වෙලා අව්ව තපින එක සාමාන්‍ය දෙයක් . ඇමරිකාවේ එහෙම නෙමෙයි, අහ්, රොන්? ඒක ඔයාව අපහසුතාවයට පත් කරයිද? ඔයා අකමැති නම්, මම එයාලට කියන්නම් ඇඳුමක් ඇඳගෙන එන්න කියලා.

අර්, නැහැ, ජෙනාරෝ, මේ වගේ දෙයක් අපිට ජනපදයේ නැහැ, කොහොම හරි මම ජීවත් වන පැත්තෙත් නැහැ, ඒ වුනාට මම අපහසුතාවයට පත් වුනේ නැහැ. රෝමයේ ඉන්නකොට ... ජීවත් වෙමින් ඉගෙන ගන්න ... මම ඒකට පුරුදු වෙයි, මම හිතනවා.

ජෙනාරෝ,රොන්ගේ උරහිසට ඉහලින් ගරෙග් දෙස බලා සිනහවක් පෑ නමුත් රොන් එය නොදුටුවේය. ඔහුගේ අවධානය වෙනත් තැනක විය.

ගරෙග්, ඇයි ඔයා අපේ මිතුරාට ට්‍රන්ක් එකක් තෝරලා දෙන්නේ නැත්තේ, එයා වඩාත් සැහැල්ලුවෙන් ඉඳියි එතකොට. අපි ඔක්කොම පීනලා ඉවරවෙලා, ගෑනු ළමයිව ගිහින් හම්බවෙමු. ඔයා ඒකට කැමතිද රොන්?"

"ඒක නියමයි."

"මේ පැත්තට එන්න, රොනී, මගේ මිනිහා," ගරෙග් පැවසීය.

මිනිත්තු කිහිපයකට පසු ඔවුන් සියල්ලන්ම තටාක අසලදී හමු වූ අතර ජෙනාරෝ ඔවුන්ව ගැහැණු ළමයින්ට හඳුන්වා දුන්නේය.

නෝනාවරුනි, ඔයාලට පුලුවන්ද මගේ යාලුවන්ට මේ ඉර එළියෙන් ආවරණය වන ක්‍රීම් ගාලා උදව් කරන්න, එයාලා මේ රටේ අය නෙමෙයි, ඉතින් අව්වට පිච්චෙන්න පුළුවන්. මහත්වරුනි, ඔයාලට මගේ රුවත්තියන්ගෙන් කවුරු උදව් කරනවටද කැමති?"

රොන් සහ ගරෙග් ඔවුන්ගේ තේරීම් කළ අතර පසුව ක්‍රීම් ආලේප කරගැනීමට බංකුවක නිදා ගත්හ. මධ්‍යධරණී මුහුද අවට අවට සහ නිවර්තන කලාපයේ ජීවිතයේ බොහෝ කාලයක් ගෙවා ඇති ජෙනාරෝට හිරු ආවරණ ක්‍රීම් අවශ්‍ය නොවීය. ප්‍රදේශයේ සිටි බොහෝ මිනිසුන්ගේ මෙන් දැඩි ලෙස හිරු එලියට දුඹුරු පැහැති වූ සමකින් යුතු රෝම සහිත ශරීරයක් ඔහුට තිබිණි.

හිරු එළියේ සහ ජලයේ ගතකල පැය කිහිපයකට පසු සහ ඔහුටම වෙන්වූ ෂැම්පේන් බෝතලයක් සමගින් රොන් තම අලුත් මිතුරා කැටුව වෙනම පිහිටි තම කුඩා නිවෙස වෙත ගිය අතර රාත්‍රී ආහාරය ගන්නා තුරු නැවත ඔවුන් දෙදෙනා නොපැමිණියෝය.

නුදුරු අනාගතයේ සැලසුම් වල නව වර්ධනයන් කිහිපයක් ගැන ජෙනාරෝ සහ ගරෙග් සාකච්ඡා කළහ.

මගේ ආරංචි මාර්ගවලට අනුව, සඳුදා දවල් වරුවේ අපේ ඉලක්කය එයාගේ ගෙදරින් එලියට යනවලු දුර්ලභ ගවේෂණයකට. මධ්‍යම පොලිස් ස්ථානයෙන් එයාට එන්න කියලා දිවුරුම් පෙත්සමකට අත්සන් කරන්න. ඒක සාර්ථකත්වයේ හොඳ අවස්ථාවක් අපිට ලබා දෙයි කියලා මට හිතෙනවා, ඔයා එහෙම හිතන්නේ නැද්ද?"

මොකක්, මධ්‍යම පොලිස් ස්ථානය පුපුරවලා දාන්න, ඒකෙ පොලිස් කාරයෝ පිරිලා ඉද්දී? මම හිතන්නේ ඒකෙන් ඔයාට උසස් ස්ථාන වල ඉන්න යාළුවො ගොඩ දෙනෙක් නැතිවෙයි.

"නැහැ, මම ඇත්තටම ඇතුළ ගැන නෙමෙයි හිතුවේ, නමුත් එයා පොලිස් රථ ගාලට ඇතුළු වෙන්න, එයාගේ කාර් එකේ වේගය අඩු කරන කොට."

"ඒක ගොඩක් හොඳයි වගේ. අපිට ගිහින් උදේට පරික්ෂා කරලා බලන්න පුළුවන් නේද?"

අනිවාර්යෙන්ම, හෙට සෙනසුරාදා වුනත්. රථවාහන ගමනා ගමන රටාව සඳුදා වගේ වෙන්නේ නැහැ හෙට. ටිකක් තදබදය අඩුයි.

කමක් නැහැ, සැහැල්ලු ගමනාගමනයත් එක්ක ඒක හොඳයි කියලා පේනවා නම්, අධික තදබදයත් එක්ක ඒක ගොඩාක් පහසු වෙයි. ඔයා යන්න ලෑස්ති වුනාම මට කියන්න, මම සූදානම් වෙලා ඉන්නම්. කීයටද, නමයට?

එතකොට අපිට දහයට එතෙන්ට යන්න පුළුවන්, ඒක හොඳ වෙලාවක්. අපි වී විලී වින්කිට කතා කරලා එයත් අපිත් එක්ක එන්න ලෑස්තිද කියලා බලමු."

රොන්, ටීනා සමඟ එළියට ආ විට, ඔහු ඇතුළට යන විට තිබූ පෙනුමට වඩා නරක පෙනුමක් ගෙන තිබූනි. බැලූ බැල්මට පෙනුනේ ඔහු කුඩා නිවසේ බාර් එක හිස් වෙන තරමට පානය කර ඇති බවත්, කිසිදු නින්දක් වත් ලබා නොගත් බවයි. ඇගේ සිරුරේ බොහෝ දේ පෙන්නුම් කිරීමේ අරමුණින් නිල් පැහැති රෙද්දකින් මසා තිබුණු ඇඳුම, තවමත් හොඳින් තිබුන අතර එය ඇයගේ ශරීරයෙන් නොවැටී තිබුනේ ඉංජිනේරු විද්‍යාවේ විස්මයක් විදහා පෑ ලෙසකිනි. රොන් ඇඳගෙන සිටියේ බෙල්ලෙන් විවෘත සුදු පැහැති හවායි කමිසයක් සහ දිගු සුදු කලිසමකි. ඔහු බොහෝ විට ඇමරිකානු වර්ජින් දූපතේ පසුගිය නිවාඩුව ගත කළ විට එය පැළඳ සිටියේය.

ජෙනාරෝ සහ ගරෙග් යන දෙදෙනාම ඇඳගෙන සිටියේ සුදු පැහැති කලිසම් සහ කෙටි අත් කමිස වන අතර, ඉන් එකක් සුදු පැහැති සහ අනෙක ලා නිල් පැහැති විය. වේල් හතරකින් සමන්විත වූ රාත්‍රී ආහාරය පුරා විනෝදවීමට අවස්ථා පිරී පැවතී අතර කීර්තිමත් ප්‍රාදේශීය ගායකයෙක් මධ්‍යම රාත්‍රිය වන තුරුම ඔවුන්ව ප්‍රීතිමත් කළේය.

උදෑසන, දැඩි ලෙස වෙස්වලාගෙන සිටි ජෙනාරෝ සහ ගරෙග් සමග සන්නද්ධ ආරක්ෂකයින් තිදෙනෙකු, පැරණි බලපත්‍ර තහඩු සහිත පැරණි අපිරිසිදු කාර් එකකට ගොඩ වී නගර මධ්‍යයට ගියෝය. ඔවුන් මාර්ගයේ දෙපසින්ම තමන් ඉලක්ක කරගත් ගොඩනැගිල්ල පසු කරමින් කිහිප විටක්ම ගමන් ගත්හ. ඔවුන් වාහන නැවැත්වීමේ ගාල නිරීක්ෂණය කල අතර, මාර්ගයේ මංතීරුවක් හරහා මාරුවීම වැළැක්වීම සඳහා ඔවුන් මාර්ගයේ දකුණු පැත්තේ සිටිනු ඇතැයි උපකල්පනය කරමින්, ඉලක්කගත වාහනය තියුණු අන්දමින් දකුණට හැරවීම සඳහා වේගය අඩු කිරීමට සිදු වන බව ඔවුන් තේරුම් ගත්හ.

රථ ගාලට ඇතුළු වීමේ දොරටුව මුරකරුවන් දෙදෙනෙකු විසින් ආරක්‍ෂා කරමින් තිබූ අතර, ඔවුන් ඇතුලත් වීමේ අවසර පත්‍ර පරික්ෂා කර මිනිසුන් ඇතුලට ගත්හ. එලෙසම එහි තිබූ බාධක ගේට්ටුව, බරැති ලණුවකින් ඇද පහත් කරන ආකාරයේ ගේට්ටුවක් විය. කෙසේ වෙතත් ඔවුන් උපකල්පනය කලේ, කාර් රථය එතරම් දුර නොයනු ඇතැයි කියාය.

පෑන් වල සඟවා තිබූ කුඩා කැමරා වලින් ඔවුන් එහි ඡායාරූප දුසිම් ගණනින් ගත්හ. පස්වැනියා හට වාහනය අසල ස්ථානයක නැවැත්වීමට ඉඩ දී, මිනිසුන් හතර දෙනෙක් එළියට බැස සාප්පු වල ජනේල දෙස බලන මුවාවෙන් මාර්ගයේ අනිත් පස පිහිටි ගොඩනැගිල්ලේ ඇතුළුවීමේ ක්‍රියාවලය නිරීක්ෂණය කළහ. ඔවුන්ට අවශ්‍ය සියලු තොරතුරු සියල්ල ඔවුන් රැස්කර ගත් අතර දැන් ඔවුන්ට අවශ්‍ය වූයේ යම් වාසනාවක් පමණි.

නැවත ජෙනාරෝ ගේ නිවසෙහිදී, මිනිසුන් දෙදෙනා ඔවුන් සතු සියළුම දර්ශන පරිගණකයකට සම්බන්ධ කළ අතර පසුව එය වඩාත් ප්‍රයෝජනවත් වන පරිදි හසුරුවා ගත්හ. ඔවුන් සමහර ගොඩනැගිලිවල සත්‍ය ඡායාරූප සහිතව සවිස්තර සිතියමක් සාදා පසුව A2, A3 සහ A4 ප්‍රමාණයේ පිටපත් මුද්‍රණය කළහ. සැලැස්ම දැන සිටියේ ඔවුන් දෙදෙනා පමණක් වන අතර අවසාන මොහොත දක්වාම එය එලෙසම තබා ගතයුතු විය. රොන් හට කලින් පැවසිය යුතුවූ අතර බොබ්ට ද එසේ පැවසිය යුතු වූ නමුත් ජෙනාරෝගේ මිනිසුන් කිසිවෙකුට කිසිවක් කිවයුතු නොවේ.

ජෙනාරෝගේ ලෝකයේ සෑම තැනම ඔත්තුකරුවන් සිටියහ.

සෙනසුරාදා සවස් කාලයේ බොබ් පැමිණි විට ගරෙග් සහ ජෙනාරෝ සැලැස්ම පැහැදිලි කර ඔහුගේ අදහස් විමසූහ. ඔහු විසින් එක් කරන ලද සුළු ආරක්‍ෂක අංගයක් වහාම අනුමත කෙරිණි.

සැලැස්ම සැමදා පවතින දෙයක් මෙන් ස්ථීර වූ විට බොබ් පැය කිහිපයක් සඳහා රියදුරෙකු සමග කාර් රථයක් ලබා දෙන ලෙස ඉල්ලා නගරයට පිටත් විය. ඔහුට වගබලා ගැනීමට යමක් තිබුණි. ජෙනාරෝ වෙනත් වැඩ කටයුත්තක් නිරීක්‍ෂණය කිරීමට ගිය අතර ගරෙග්, තටාකය අසල අවසන් වරට සිටි රොන් සෙවීමට ගියේය.

"රොන්, මට පුළුවන් වෙයිද ඔයා එක්ක වචනයක් කතා කරන්න?"

රොන් නැගිට ගරෙග් පසුපස පියවර කිහිපයක් ගියේය. ඔහුගේ සුඛෝපභෝගී නිවාඩුව ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත බවට ඔහුගේ හදවත කිඳා බසින සිතුවිල්ලක් ඔහුට ඇති විය .

"මොකක්ද, ගරෙග්?"

"අපි ගාව ඔයාට මෙහෙයුමක් තියනවා, ඒක වෙන්නේ සඳුදා."

"ආ, එහෙමද. මම දැනගෙන හිටියා මේ විනෝදය වැඩි කලක් පවතින්න බැහැ කියලා. පුදුමයි නේද, මිනිසුන්ගේ ජීවිත අතර වෙනස? ජෙනාරෝට මේ ඔක්කොම තියනවා, පැය හතලිස් අටකදී මට මුකුත් නැහැ.

"මාව වරදවලා තේරුම් ගන්න එපා, මම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මම අපේ ගනුදෙනුවෙන් අයින් වෙන්න උත්සාහ කරනවත් නෙමේ. මට නිකමට හිතුනා, මේ වගේ තැන් තියෙන්නේ චිත්‍රපට වල විතරයි කියලා. මං මෙහෙම අහන එක ඔයාට ප්‍රශ්නයක් නැත්නම්, මේ ඔක්කොම සල්ලි හම්බ කරන්න, ජෙනාරෝ මොනාද කරන්නේ?

"මම හරියටම දන්නේ නැහැ, මම හිතන්නේ නැහැ එයත් ඒක දන්නවා ඇති කියලා. එයාගේ පවුල ගොඩක් කාලෙක ඉඳන් පොහොසත්. එයාලගේ ඇඟිලි ගොඩාක් පුඩින් වල තියනවා. මම සිතන්නේ පළවෙනි හා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ, ලොකු මුදල් උපයා ගන්න විශාල අවස්ථාවන් තියෙන්න ඇති කියලයි. ඔයා දන්නවානේ, හොඳ යාලුවන්ගෙන් වත් අහන්න බැරි සමහරක් ප්‍රශ්න තියනවා කියලා.

"මමත් එහෙම හිතනවා. ඔයා මට වැඩි විස්තර කියන්න යන්නේ කවදාද?

"හෙට දුන්නම ඇති කියලා මම හිතනවා. ඔයාගේ භූමිකාව රඟ දක්වන්න අමාරු නැහැ, කොහොමත් ලැබෙන ප්‍රතිඵලය ඔයාට සහතිකයි. ඔයාට ඒක තේරෙනවද?

"ඔව්, ගරෙග්, ඔයා සහ බොබ් හැම වෙලේම ඒ දේ මට තේරුම් කරවන්න ඉදිරියෙන්ම හිටියා."

බොබ් සහ මම, අපි දෙන්නම සොල්දාදුවන් වෙලා හිටියා. ඒ නිසා අපි දෙන්නම දන්නවා සහෝදරවරු අතර අවංකකමේ අවශ්‍යතාවය. අපට පුළුවන් හැමදේම අපි ඔයාට කියලා තියෙන්නේ.

"මම ඒක අගය කරනවා, ගරෙග්. ඒවගේම මාව ඒකට ඇතුළත් කරපු එක ගැනත් ඔයාට ස්තුතියි."

ඔයා සහෝදරයෙක්, එකට අවි දරන සහෝදරයෙක්. ඔයා ඔයාගේ මරණයට මිනිසෙකු වගේ මුහුණ දෙන්න ලෑස්ති වෙනවා, ඒ ගැන මම ඔයාට ගෞරවය පුද කරනවා. හැම සෙබළෙක්ම බලාපොරොත්තු වෙන්නේ එයාගේ පූජාව කරන්න වෙලාව ආවම, ඒක කරන්න ශක්තිය ලැබෙන්න කියලයි.

ඔයා දන්නවද, මම හමුදාවේ හිටියා, එයාලා කියන විදිහට, ජීවිත කාලයට ඉස්සර

ඔව්, මැරීන් භටයෙක් විදිහට, නේද? වියට්නාමය? බොබ් මොකක් හරි මට කිව්වා ඒ ගැන."

ඔව්, 1 වන බලඇණිය, 4 වන එක්සත් ජනපද මැරීන් බළකාය, මම මගේ අවුරුදු දෙක කළා, පස්සේ මම එළියට බැස්සා. මම ඒකට කැමති වුණේ නැහැ.

"ඔයා සහ බොබ් බ්‍රිතාන්‍ය හමුදාවේ දැනටත් සේවය කරනවද, නැත්තම් දැනට නැද්ද?"

"ඔව්."

"මම එහෙම හිතුවා. ඒ ගැන හැම වෙලාවකම කියන්න පුළුවන්, එහෙම නේ. බොබ්ගේ වෘත්තීමය, මිලිටරි ආකල්පය වගේම දරාගැනීම නැත්තම් මම මේ වෙනුවෙන් අත්සන් කරයි කියලා මම හිතන්නේ නැහැ ... මට එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා තේරුණා. ඔයත් එහෙමයි. නමුත් මම මෙහෙම කියන එක ගැන ඔයා අමනාප නැත්තම්, මම ඔයාව නිලධාරියෙකු විදිහට දාලා බොබ්ව NCO කෙනෙක් විදිහට තියනවා.

"ඔව්, ගොඩක් හොඳයි."

එහෙනම් සුභ රාත්‍රියක් වේවා, රොන්, අපි සැලසුම ගැන ඔයාට කිව්වට පස්සේ ආයේ කිසිම ගැහැණු ළමයෙක් එක්ක ඔයාට ආශ්‍රයක් තියා ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජෙනාරෝ ඔයාගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ, නමුත් බොබ් සහ මම දැනටමත් ඒ මෙහෙයුම ගැන දන්නවා. ඒ නිසා හෙට උදේ කෑමෙන් පස්සේ ඔයා එක්ක කතා කරන්න අවසරය තියෙන්නේ අපි දෙන්නට විතරයි. හරි, රොන්?"

"ඔව් මට තේරෙනවා."

හොඳයි, හොඳයි, ඔයා ගිහින් විනෝද වෙන්න, අපි ඔයාව රෑ කෑම වෙලේදී හමුවෙන්නම්. කොහොම වුනත්, ඔයා වෙනත් ආකාරයකින් වැඩක යෙදිලා ඉන්නවා නම්, කරදර වෙන්න එපා, අපි උදේ කෑමට හම්බවෙමු. එහෙනම්, ඔයාව පස්සේ හම්බවෙන්නම්."

"බායි, ගරෙග්," ඔහු නැවත, ෂැම්පේන් සහ තටාකයේ සිටි ගැහැණු ළමයින් වෙත ගියේය.

උදෑසන ආහාරයෙන් පසු ගරෙග්, බොබ් සහ රොන් ඒ කාරනය සඳහා ඔවුන්ට වෙන්කර තිබූ අමතර නිදන කාමරයකට ගියහ. ගරෙග් සැලැස්ම වේගයෙන් තේරුම් කරදුන් අතර නැවත වරක් සෙමින් සෙමින් එය විස්තර කළේය. එය සරල වූ අතර රොන්ට ප්‍රශ්න කිසිවක් නොතිබිණි.

පැහැදිලි නැති කිසිම දෙයක් ගැන මට හිතන්න බැහැ, නමුත් සමහර විට මට පස්සේ මොනවා හරි මතක් වෙන්න පුළුවන්.

එහෙම මතක් උනොත්, අපි කොහේවත් යන්නේ නැති නිසා අහන්න. ඒ වගේම, ඔයාට ආයෙත් සැලැස්ම ක්‍රියාත්මක වෙන විදිහ ගැන බලන්න ඕනේ නම්, අපෙන් එක් කෙනෙකුට හරි, දෙන්නටම හරි කතා කරන්න. මේ මෙහෙයුම ගැන ඕනෑම දෙයක් වෙනුවෙන් ඊළඟ පැය විසිහතර තුළ අපි ඔයා වෙනුවෙන් ඉන්නවා.

"එතකොට ගෙවීම?"

"ඔයා දැනටමත් බොබ්ට ඔයාගේ කැමැත්ත ගැන කියලා තියනවා, නේද? ඔයාගේ බිරිඳට දෙන්න ඩොලර් 500,000 ක් වටිනා රත්තරන් සහ දියමන්ති ඔයා තෝරගෙන තියනවා, ඒවා එයාගේ බැංකුවේ ප්‍රාදේශීය ශාඛාවේ තැන්පත් කරලා තියනවා, ඔයා දැක්කා නේද?

"ඔව්, ඒක හරි. කොහොම හරි, එයාට ඒවා ලැබෙන්නේ කවදාද?

"ඔහ්, එකට යන්නේ දවස් කිහිපයක් විතරයි. බදාදා හෝ බ්‍රහස්පතින්දා එයාට දැනුම් දීමක් ලැබෙන්න ඕනේ. ඔයා, එයාට යවන ඔයාගේ සමුගැනීමේ ලියුම ලියලද තියෙන්නේ?"

නැහැ, නමුත් මම එය අද රෑට ඒක ලියලා ඔයාට හරි බෝබ්ට හරි හෙට උදේට දෙන්නම්. කාමරේ ලිපි ද්‍රව්‍ය තියෙනවා කියලා මම දැක්කා.

බොබ් සහ රොන් දහවල් කාලයේ වැඩි හරියක් ගත කළේ බියර් බොමින් හා මිදුලේ කතා කරමිනි. බැලීමට ගැහැණු ළමයින් එහි සිටියේ නැත. ගරෙග් සහ ජෙනාරෝ විටින් විට බියර් පානය කිරීම සඳහා නතර වූ අතර දහවල් කාලය ඉක්මණින් හා විශ්වාසදායක ලෙස ගත විය. කෑමට පැයකට පෙර ස්නානය කිරීම සඳහා රොන් ඔහුගේ කුටිය වෙත ගියේය. ඔහු සිය අවසන් ලිපිය ලිවීම ආරම්භ කළ නමුත්, ඔහු නිවෙස අතහැර යාමට සුළු මොහොතකට පෙර එය අවසන් කිරීම ඔහුට අවශ්‍ය විය.

ඔහු සිතුවේ, එවිට එය හදවතින්ම පැමිණියාක් මෙන් පෙනෙන බවත් එවිට එය වඩාත් පෞද්ගලික දෙයක් වනු ඇති බවත්ය.

රාත්‍රී ආහාරය කිසිසේත් මනසින් දුෂ්‍ය නොවූ අතර රොන් ඇත්තෙන්ම මැරෙන්න ඉන්න අපි ඔබට ආචාර කරමු කියා, ඔහු සැමට ආචාර කළ අතර ඔහු දන්නා තරමින්, ජෙනාරෝ කුමන්ත්‍රණයේ නොසිටි බව අමතක කළේය. ජෙනාරෝට ඔහුගේ කොටස ඉටු කිරීමට අමතක වූ අතර රොන්ට ආපසු ආචාර කළේය.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3