Owen Jones - මළවුන්ගේ මධ්‍යස්ථානය стр 6.

Книгу можно купить на ЛитРес.
Всего за 523.26 руб. Купить полную версию
Шрифт
Фон

කඳවුරේදී රොන්, ඇත්තෙන්ම හොඳ කාලයක් ගත කළේය.

ඔහු වට දහස් ගණනක් වෙඩි තැබුවේය, සෑම දිනකම, අවම වශයෙන් වෙනස් කාන්තාවක් සමඟ නිදාගෙන ස්වාමියෙකු මෙන් අහාර අනුභව කළේය. ඇයි එහෙම නොකළ යුත්තේ? ඔහු සිතුවේය. මසක් ඇතුලත ඔහු බොහෝ දුරට මිය යාමට නියමිතව තිබුණි. තමා රෝම ග්ලැඩියේටර් කෙනෙකු හා සමාන යැයි ඔහු මනඃකල්පිත සිතුවිලි අතර සිරවී සිටි අතරම ඔහුගේ වාසනාව වැඩි කාලයක් රැඳී තිබිය නොහැකි බව තේරුම් ගත්තේය.

ඔහු මරණයට සූදානම් වෙමින් සිටියේය. ඔහු ජිම්ව විශ්වාස කළ නමුත්, එය ඔහුගේ සැබෑ නම නොවන බව ඔහු වටහා ගත් අතරම ජිම් පැවසූ ආකාරයට තමා නේටෝවට සේවය කරන බවත් ඔහුගේ සීයා දෙවන ලෝක සංග්‍රාමයේදී කල ආකාරයට තම රටට සහ එහි සගයන්ට උපකාර කිරීම ගැන ඔහු ආඩම්බර වන බවත් තේරුම් ගත්තේය.

ඔහු මේ කාරනාව දුටු ආකාරයට, ඔහුව වේදනා නාශක වලින් පොම්ප කර, ඔහුගේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ අනුකම්පාව දක්වන මුහුණු දැක බලා ගනිමින් රෝහලකදී මිය යා හැකිය. නැතහොත් මිනිසෙකු මෙන් මිය ගොස් ඔහුගේ පවුලට යහපත සලසා තම රටට සේවයක් වන යමක් කළ හැකිය.

ඔහුට බිහිසුණු පිපිරුමක් සමගම මෙලොවින් පිටව යා හැකිය, ඔහු එසේ සිතුවේ දරුණු ලෙසටය.

රොන් වැනි මිනිසෙකුට, එය ගැනීමට ඉතා පහසු සහ ඉතා සුළු සිතුවිලි ප්‍රමාණයක් අවශ්‍ය වන තීරණයකි. ඔහුට වයස අවුරුදු පනස් නවයක් වූ අතර වියට්නාමයේ, ජාතික සේවා සංචාර දෙකක් නිමකර තිබිණි. ඔහු තම රටට ආදරය කළ අතර ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමට කිසිදු පසුතැවීමක් නොවීය. එනම් ඔහුට වයස අවුරුදු 19 දී කළ අවදානම මෙන්, නමුත් මෙවර, ඔහුගේ පූජාව සඳහා සැලකිය යුතු මුදලක් ලැබෙනු ඇත, නැතහොත් අවම වශයෙන් ඔහුගේ බිරිඳට වුවත්, එය ඉතා හොඳ සැකැස්මක් විය.

ඔහුට වීරයෙකු ලෙස බොහෝ දෙනෙකුට උදව් කිරීමේ හැකියාව තිබියදී කිසිවෙකු උදෙසා වැය නොවී රෝහලකදී මිය යාමේ අරමුණ කුමක්ද?

රොන් කාර්යයට කැමති විය.

ජෙනාරෝගේ තවත් ඇමතුමකින් පසු ගරෙග් නැවතත් ඔහුගේ මන්දිරය වෙත පැමිණියේය.

ඉතිං ජෙනාරෝ, මම ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? ඔයාගේ අදහස වෙනස් කරාද?

"නැහැ, එහෙම නැහැ, මගේ මිත්‍රයා, සමහර විට මට ඔයාට තවත් වැඩක් තියනවා දෙන්න, ඒ වගේම අනෙක් වැඩේ ස්ථිර කරගන්නත් මට ඕනේ."

ජෙනාරෝගේ සහ ගරෙග්ගේ දැන හැඳුනුම්කම් බොහෝ ඈතට ගිය නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිම්වල අය වූහ. ජෙනාරෝ උපත ලැබුවේ ධනවත්, ප්‍රචණ්ඩකාරී දකුණු යුරෝපීය පවුලක වන අතර ගරෙග් උපත ලැබුවේ බටහිර වේල්සයේ, ශාන්ත ඩේවිඩ් අසල බැටළු ගොවිපලක ය.

ඔවුන් දෙදෙනාගේ හමුදා වෘත්තීන් නිසා ඔවුන්ගේ මාවත් එකිනෙක හමුවී තිබුණි. ගරෙග් 2 වන බලඇණියේ පැරෂුට් රෙජිමේන්තුවට සම්බන්ධ වී SAS වෙත ගිය අතර ජෙනාරෝ, ඔහුගේ පියා හට ඔහු පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වීමට අවශ්‍ය වනතුරු, ප්‍රංශ නිත්‍ය හමුදාවේ වසර තුනක් සේවයට බැඳුන අතර ඉන්පසු විදේශීය හමුදාවේ ස්වේච්ඡා සේවයට එක්විය.

පියාගේ එම ව්‍යාපාරවලට, මාර්සේ ප්‍රදේශය ආසන්නයේ, දකුණු වෙරළ තීරයේ නීත්‍යානුකූල සාප්පු දුසිම් ගණනක් සමග නියෝජිත ව්‍යාපාරයන් ඇතුළත් වූ නමුත් දකුණු ප්‍රංශය පුරා ගණිකා නිවාස සහ බාර් දහස් ගණනක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයක් ද ඇතුළත් විය.

බැංකු මංකොල්ලකෑම්, පැහැර ගෙන කප්පම් ගැනීම්, රක්‍ෂණ වංචා, මුදල් විශුද්ධිකරණය සහ පැහැර ගැනීම් වැනි වඩාත් බරපතල සංවිධානාත්මක අපරාධවලට ද ඔවුහු සම්බන්ධ වූහ. ගෙරෙග්ගේ නියෝජිත ආයතනය වන මළ මධ්‍යස්ථානය සමඟ ගෙනාරෝ බලාපොරොත්තු වූයේ එම ව්‍යාපාර කොටසද වැඩි දියුණු කිරීමටයි.

රුවන්ඩාවේ SAS සහ විදේශ හමුදාව අතර හවුල් කටයුත්තකදී ඔවුන්ගේ මාවත් එකිනෙක හමුවී තිබූ අතර එබැවින් ඔවුන් වසර විසිපහක් පුරා එකිනෙකා දැන සිටියහ. ඒ දිනවල එකිනෙකා හා සම්බන්ධතා පැවැත්වීම සැම විටම පහසු නොවූ නමුත් ඔවුන් දෙදෙනාම මේ වනවිට විශ්‍රාමික බැවිනුත් ජංගම විදුලි සංදේශ හා අන්තර්ජාල ආගමනය නිසා ඔවුන් හට දැන් නිතිපතා සම්බන්ධතා පැවැත්වීමට හැකියාව ලැබුණි.

දෙදෙනාම තම හැකියාවන් සහ අනෙකාගේ හැකියාවන් පිලිබඳ දැන සිටි අතර ඔවුන් එක හා සමාන දක්ෂතා වලින් යුතු භයානක පුද්ගලයින් බවද තේරුම් ගත්හ. ඔවුන් යම් විටෙක, එකිනෙකාට විරුද්ධ පාර්ශව කරුවන් බවට පත් වුවහොත් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න ගැන දෙදෙනාටම විශ්වාස නොතිබුණි. මිනිසුන් දෙදෙනාම වරින් වර එම තත්වය ගැන තම පරි චින්තනයේ මවා ගත්තද, එය යථාර්ථයේදී සිදු විය හැකි දෙයක් බව දෙදෙනාටම නොපෙනුණි. ඔවුන් දෙදෙනාටම, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් උපන් ගැඹුරු කැමැත්තක් තිබුන නමුත් යම් තල්ලු කිරීමක් පැමිණියහොත් එකෙකු අනෙකා මරා දමන බව ඔවුන් දැන සිටි නමුත් ඇත්තෙන්ම එසේ වන්නේ ඔවුන්ට කළහැකි වෙන කිසියම්ම දෙයක් නැතිවූ විට බවත් දැන සිටියහ.

සියල්ලටම වඩා, ව්‍යාපාර යනු ව්‍යාපාර වේ.

"ගරෙග්, මට ඔයාගේ සහභාගී වෙන්නෙක් ඕනේ, ඔයාගේ විශේෂිතවූ කෙනෙක්, මගේ හිතේ තියන සැලැස්මකට. අපි කවදාවත් ඔයාගේ සේවය පාවිච්චි කරලා නැහැනේ, අපිට ඉවර කරන්න සුළු කාරණාවක් තිබ්බා වුනත් ඔයා පොරොන්දු වුන දේවල් ඉෂ්ඨ කරන්න ඔයාට තියන හැකියාවන් ගැන මට කිසිම සැකයක් නැහැ. ඔයාට මං වෙනුවෙන් තවත් පුද්ගලයෙක් ඉන්නවද?"

"දෙවෙනි ව්‍යාපාරයට හරියටම ඇතුළත් වෙන්නේ මොකක්ද?"

"ඉස්සෙල්ලා වගේම විස්තර තියන ෆෝල්ඩරයක් මං ලෑස්ති කරලා තියනවා. නමුත් දැනට මට කියන්න තියෙන්නේ එය දැඩි විනාශකාරී දෙයක් වගේම ක්‍රියාකරුගේ ජීවිතය හානි වෙන දෙයක් කියලයි.

"මට තේරෙනවා. ඔව්, මට විශ්වාසයි අපිට මෙහිදී ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි කියලා."

"කවදාද, කොහේද සහ කොච්චරක්ද? මම ඔයාට වැඩි කාලයක් දෙන්න උත්සාහ කරාට, මේ වෙන දේවල් නිසා මාව සීමා වෙලා තියෙන්නේ. ඒක ජර්මනියේ, දවස් තිහකට විතර පස්සේ වෙන්නේ. ඉතින්, සල්ලි? මගේ මිත්‍රයා ඔයා කොච්චර ගානක් අය කරනවද?

"ම්ම්ම්, ඇත්ත වශයෙන්ම, මා ගාව ඔක්කොම කරුණු කාරනා නැහැ, ඇත්තෙන්ම. නමුත් උපකරණ ජර්මනියට ඇතුළු කරන එක අමාරුයි, එයාලා හොඳට සංවිධානය වෙලා ඉන්නේ, නමුත්, කෙටි දැනුම් දීමක් නිසා අපි කියමුකෝ ඩොලර් මිලියන 1.5 ක් කියලා, ජෙනාරෝ."

මිත්‍රයා, ඔයාගේ සේවාවන් වල ගණන් වැඩියි. ඒ වුනාට මම, ඔයාගේ රඳා පැවැත්ම විශ්වාස කරනවා, අන්න ඒකට වටිනාකමක් තියනවා. ඒ නිසා මම ගානට කැමති වෙනවා. මේ වගේ හොඳ ගනුදෙනුකරුවෙක් වෙච්ච නිසා මගේ තුන්වෙනි එක මිලට ගන්නකොට මට වට්ටමක් ලැබෙයි නේ.

"සමහර විට."

ඔවුන් තම වීදුරු එකට වැද්දූ අතර දෙදෙනාම දැන සිටියේ ගනුදෙනුව සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ එපමණක් බවයි. ජෙනාරෝ, ගරේග් හට ෆෝල්ඩරය භාර දුන්නේය.

"ඉතිං, මේක දෙවෙනි මෙහෙයුමද? ඔයා පලවෙනි එක නිශ්චිත කාලයකුයි, තැනකුයි, දිනයකුයි නැතුව නියම කරගෙන ඉන්නවා, ඒක වෙන්නේ නුදුරු අනාගතයේ, මේ පැත්තේ කිය කිය. ඒ වගේම ඔයා කැමතියි, ඒකට සහභාගී වෙන එක්කෙනාව, හරි වෙලාව එනකං ඔයාගේ ගෙදර නැවතිලා ඉන්නවට. ඒ වගේම ඔයාට තව මෙහෙයුමක් තියනවා, එසෙන් වල, දවස් තිහකට පස්සේ?

ඒක හරි. ගැටලුවක් තියෙනවද?"

නැහැ, කොහොමත් නැහැ. සහභාගි වෙන අය අපි ගාව ඉන්නවා, ඒ වගේම ඕනේ උපකරණත් අපි ගාව තියනවා. ඇත්ත වශයෙන්ම, සහභාගි වෙන අය, අපි මේ කතා කරන වෙලාවෙත් පුහුණුවීම් කර කර ඉන්නේ. කවදද ඔයාට, සහභාගි වෙන කෙනෙක් මෙහෙ නවතින්න එන්න ඕනේ?

"අපි ඒක ඒ විදිහට නොකියා ඉමු, ගරෙග්. එයාට වත්තේ තියන අමුත්තන්ට වෙන් වෙච්ච ගෙදරකුයි, එයාට ඇසුරු කරන්න ගෑනු ළමයෙකුයි දෙමු. එයාගේ අන්තිම දවස් පුළුවන් තරම් සුවපහසුව තියන්න අපි උත්සාහ කරමු.

ඔව්, මට විශ්වාසයි ඔයා ඒ දේ එහෙම කරයි කියලා, ජෙනාරෝ, ඔයා හරිම ත්‍යාගශීලී යි, මට විශ්වාසයි එයා ඒක ගොඩක් අගය කරයි කියලා. ඉතිං, ඔයාට එයාව ඕනේ වෙන්නේ කවදා වගේද?

ඔයා කැමති ඕනෑම වේලාවක, ඔයා කැමති ඉක්මනින්ම. ඔයා එයාට යමක් කියනවද, නැත්නම් මම එයාට ඒ ගැන විස්තර කරන්න ඕනෙද?

"නැහැ, ඔයා කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයාගේ ඇත්ත නම මොකක්ද කියලවත් එයාට කියන්න ඕනේ නැහැ. මොකද එයා මෙහෙන් යන්නේ මැරෙන්න නිසා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න එයාට ඉඩක් හම්බවෙන්නේ නැහැ. පොදුවේ ගත්තහම, ඔයා ඔයාගේ සම්බන්ධතාවය පෞද්ගලික මට්ටමක තියා ගන්නවා නම් වඩා හොඳයි. මම ඔයාව එයාට අදුන්වලා දෙන්නේ, මට කරන පුද්ගලික උදවුවක් විදිහට, එයාගේ මෙහෙයුම එනකන් එයාව තියාගන්න කැමති මගේ යාලුවෙක් විදිහටයි. එයාගේ පරම සේවායෝජකයා ඔයා කියලා එයා දැනගන්න අවශ්‍ය නැහැ.

"හොඳයි! ඒ ක්‍රමය මට හොඳින් ගැලපෙනවා. එහෙනම්, ඔයා කැමති ඉක්මනට එයාව මෙහෙට එවන්න, නැත්නම් එක්කං එන්න. එතකොට, අනිත් එක්කෙනා?"

"අපි එයාව එසෙන් වල දවස් දෙකකට ඉස්සෙල්ලා, සමහරවිට තුනකට ඉස්සෙල්ලා, ඔයා කියපු තැන තියලා තියන්නම්. ඔයාගේ විශිෂ්ඨ සවිස්තරාත්මක සැලැස්මට අනුව, ඔයා කියපු වෙලාවට පැයකට කලින් එයා ඉඳියි."

"ඔයාට ස්තුතියි. අපේ ඉල්ලක්කය සතුටු කරන්නයි."

"අපිත් එහෙමයි. 'මළවුන්ගේ මධ්‍යස්ථානය'! ඔවුන් දෙදෙනාම සිනාසුණහ.

ජෙනාරෝ, මම හෙට ආපසු යනවා, නමුත් මම දවස් පහකින් ඔයාගේ බෝඩින්කාරයා එක්ක ආයෙත් එනවා. ඒක අවුලක් නැහැ නේද?

"ඔව්, ගරෙග්, නියමයි.

"ජෝර්ජ්," ඔහු ප්‍රධාන සේවකයා වෙත හැරී, "ගෑනු ළමයිට කියන්න දැන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. කෝකියාට කියන්න රෑ කෑම ගේන්න කියලත්, ඒ වගේම විනෝදය දැන් පටන් ගන්නවා කියලත් කියන්න.

"හොඳයි සර්, මම දැන්මම ඒ වැඩ ටික බලන්නම්.

"බොබ්, ඔයා තාමත් ඉන්නේ ඇමරිකාවේද?

"ඔව් සර්."

මම දැන් අනුග්‍රාහකයෙක් එක්ක ඉන්නේ, එයාට සහභාගිවන්නන් දෙන්නෙක් ඕනේ. එක්කෙනෙක් පුළුවන් තරම් ඉක්මනට, අනිත් කෙනා දවස් දාසයකින්. අපට ඒක කළමනාකරණය කරගන්න පුලුවන්ද?

"පුළුවන්, ගරෙග්, මොන තැන් වලටද?"

දෙන්නම යුරෝපයට. ඇයි? ඔයාට වීසා බලපත්‍ර හරි විදේශ ගමන් බලපත්‍ර ගැන හරි ප්‍රශ්න තියනවද?

නැහැ, ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම අද සහභාගිවන්නන් සහ උපකරණ පරීක්‍ෂා කරලා බලලා ඔයාට, ඔව් හරි, නැහැ හරි කියලා කෙටි පණිවිඩයක් එවන්නම්. නමුත් මට ගැටලුවක් නම් පේන්නේ නැහැ. හැම දෙයක්ම නියම විදිහට ලෑස්ති කරලා තියෙන්නේ. ඔයා හතරක් කියලා කිව්වා නම් තත්වය වෙනස් වෙන්න තිබුනා, නමුත් දෙකකට කිසිම ගැටළුවක් නැහැ.

"පැයක් ඇතුළත ඔයාට මගෙන් අහන්න ලැබෙයි."

"හොඳ මිනිහා. එහෙනම්, දැනට බායි."

"ආපු එක ගැන ස්තූතියි, රොන්. මට දැන් මගේ අංශය භාර නායකයාගෙන් ඇමතුමක් ලැබුනා. ඔයාට අවශ්‍ය නම්, අපට ඔයා වෙනුවෙන් මෙහෙයුමක් තියනවා, ඔයා දැන්මම කැමති නැත්තම් ඒක අත්හැරලා දාන්න පුළුවන්.

"ඒ කොහෙදිද?"

"යුරෝපයේදී. ප්‍රංශයේ."

"මට විදේශ ගමන් බලපත්‍රයක් තිබුනත්, වීසා බලපත්‍රයක් නැහැ, ඒක ගැටලුවක් වෙන්න පුළුවන් නේද?"

"නැහැ, ඔයාට අපරාධ වාර්තාවක් නැත්තම්, ගැටළුවක් නැහැ."

"මම හෙට ඒකට සම්බන්ධ වෙන්නම්."

"හොඳයි, තවත් බියර් සහ විස්කි ගන්න, රොන්, මම මගේ උසස් නිලධාරියාට මේ ප්‍රවෘත්තිය ලබා දෙනකම්." ඔහු තම ජංගම දුරකථනය පිටතට ගෙන කෙටි පණිවිඩයක් යැවීය - හැම දෙයක්ම ලෑස්තියි.

බොබ් සහ රොන් දින දෙකකට පසු නැවත එක්සත් රාජධානියට පියාසර කළහ. බොබ් සිය රේන්ජ් රෝවර් රථය හීත්‍රෝ රථගාලෙන් ගෙන කාඩිෆ් වෙත එය පැදවු අතර එහිදී ඔහු පැරණි හේස් මාර්කට් පෙදෙසේ පිහිටි මැරියට් හෝටලයෙහි රොන්ව නැවැත්විය. ඔහු ඔහුට පවුම් 500 ක් ලබා දී නිරිතදිග වේල්සයේ ශාන්ත ඩේවිඩ්ස් අසල පිහිටි ගරෙග්ගේ ගොවිපළට ගියේය.

මාර්සේ වල වැඩේට සහභාගිවෙන කෙනා කාඩිෆ් වල මැරියට් එකේ ඉන්නවා. අනිත් කෙනා උපදෙස් බලාපොරොත්තුවෙන් මැන්චෙස්ටර්හි තියන එයාගේ ගෙදර ඉන්නවා. උපකරණ ලෑස්තියි; ඇත්ත වශයෙන්ම දැන් කරන්න තියෙන්නේ අවසාන එකලස් කිරීමයි නැව්ගත කිරීමයි විතරයි.

"බොහොම හොඳින් කළා. උපකරණ ටික යන තැනට යවන්න දැන්මම වග බලා ගන්න එක වඩා හොඳයි. අපිට දවස් තුනකින් මාර්සේ වල එක පැකේජයක් තියන්න වෙනවා, දවස් දහයකින් එසෙන් වල අනිත් පැකේජයත් අවශ්‍ය වෙනවා. සම්පූර්ණ විස්තර මේකේ තියනවා. ඔහු බොබ්ට ලියුම් කවරයක් දුන්නේය. "පැකේජ් ටික අරගෙන ටයන්න ලෑස්ති වෙච්ච මිනිස්සු ඉන්නවද?"

"ඔව්, ගරෙග්, ඒක අමාරු වෙන එකක් නැහැ."

"එසෙන් වල අපි අඳුරන කවුරුත් ඉන්නවද?"

නැහැ, නමුත් ඒක ගැටලුවක්නෙමෙයි. අපි පැකේජය භාර දෙනකන් රියදුරා පැකේජයත් එක්ක හෝටලයක නැවතීලා ඉඳියි.

ඔව්, ඒක සම්පූර්ණයෙන්ම සතුටුදායකයි. ඔයා වහාම ඒ කටයුතු වලට සම්බන්ධ වෙන එක වඩා හොඳයි. එක් පැකේජයක් ජෙනාරෝ ගාවට යවන්න.

"ඔව් ගරෙග්. මම තැන දන්නවා. ඔයා මාර්සේ කියනකොට එයා සම්බන්ධයි කියලා මට හිතුනා. සහභාගිවෙන කෙනාව ඔයා භාර අරගෙන ගෙනියනවද?

"ඔව්, මම හෙට කාර්ඩිෆ් ගීහින් එයාව අරගෙන යන්නම්. අප සවස මාර්සේ වල ඉඳියි. ඊට පැය හතලිස් අටක් ඇතුළත ඔයාට පැකේජය එහෙට ගන්න පුළුවන් ද කියලා බලන්න.

"හරි ගරෙග්. ඒක ගැටලුවක් වෙන එකක් නැහැ.

"හොඳයි. ඔයාගේ පැත්තෙන් වැඩ ටික ඉවර වුනාට පස්සේ, ඇවිත් අපිත් එක්ක එකතුවෙන්න."

ඉතාමත් හොඳයි, සර්, අර්, ගරෙග්. පරණ පුරුදු, අර්?"

පසුදින උදෑසන හතට පමණ විනාඩි අනූවක දුරින් පිහිටි කාර්ඩිෆ් වෙත ගිය ගරෙග්, පිළිගැනීමේ කටුන්ටරය අසලදී රොන්ව කැඳවාගෙන එම් 4 මාර්ගයේ තවත් සැතපුම් 120 ක් දුරින් පිහිටි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගියේය. ඔවුන් මාර්සේ ප්‍රොවෙන්ස් ගුවන් තොටුපල වෙත පිටත්ව යන දහවල් ගුවන් යානයට ගොඩ වූ අතර ජෙනාරෝගේ එක් සේවකයෙකු ලිමොසින් වර්ගයේ රථයකින් පස්වරු පහට ඔවුන්ව රැගෙන ගියේය.

ගරේග් ඔහුව බෙන්ට්ලි රථයකින් කැඳවාගෙන යන විට රොන් තරමක් විශ්මයට පත්වූ අතර ඔවුන් දෙදෙනා ඉතා හොඳින් සම්බන්ධතාවය ගොඩනගා ගත්හ. රියදුරෙකු විසින් පදවන ලද සම්භාව්‍ය ගනයේ රෝල්ස් රොයිස් කැමර්ගු රථයකින් ඔවුන්ව වෙරළ තීරයේ පිහිටි ජෙනාරෝගේ මන්දිරය වෙත ගෙන ගිය විට, ඔහු කිසි දිනක එවන් සුඛෝපභෝගී අවස්ථා පැවතිය හැකි බව සිතා නොතිබිණි. ඇලබාමාහි උප නගරාසන්නයේ, බර්මින්හැම් හි නැව් ලිපිකරුවෙකු ලෙස ඔහු කෙරූ රැකියාවෙන් සහ ඔහුගේ කුඩා නිවසින් ඒ කාරණා බොහෝ දුරස්ව තිබුණි.

4 ජෙනාරෝගේ පළමු ප්‍රහාරය

ජෙනාරෝ දිගු කළ අතකින් යුතුව රොන් පිළිගත්තේය.

හෙලෝ, මගේ ආදරණීය කාටර් මහත්මයා, ඔයා අපේ ගෙදර නවතින්න ආපු එක ගැන මම සතුටු වෙනවා. මගේ හොඳ මිතුරා ගරෙග්, මට ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියනවා. මට ජෙනාරෝ කියලා කතා කරන්න, මගේ ගෙදර ඔයාගේ ගෙදර විදිහට සලකන්න. ඔයා ඉස්සෙල්ලාම නැවුම් බවට පත්වෙන්න කැමතිද, නැත්නම් මොනවා හරි බොන්න කැමතිද?

"හෙලෝ, ජෙනාරෝ. මොන තරම් ලස්සන ගෙදරක්ද ඔයාට තියෙන්නේ? ඇත්තෙන්ම මම මේ වගේ දෙයක් දැකලා නැහැ. මට මෙහේ ඉන්න දෙන්න ඔයා හරිම කාරුණිකයි. කරුණාකර මට රොන් කියලා කතා කරන්න."

ඔයාට ස්තූතියි, රොන්. මොකක්ද දැන් වෙන්න ඕනේ: බීමක්ද, නැත්නම් නාලා ඉන්නවද?"

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3